ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව උතුරු පළාත් සභාවේ අධ්‍යාපන ඇමතිවරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂය අද (19) සඳහන් කළේය.
දකුණට හා උතුරට එක් නීතියක් ක්‍රියාත්මක විය යුතු බවද ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ, ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව මීට පෙර පොලීසිය ක්‍රියාමාර්ග ගත් අවස්ථා තිබෙන බවයි.
“අල්ලස් කොමිසම ඉදිරිපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවූ අවස්ථාවක වෙනස් කළ ජාතික කොඩියක් වන සිංහලේ කොඩිය අරන් ගියා කියලා පිරිසකට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පොලිස් අත්අඩංගුවට ගත්තා. මහා සංඝරත්නය පවා අධිකරණය ඉදිරියට ගෙන ආවා'' යනුවෙන් පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ, ජාතික කොඩිය හා ජාතික ගීය මුද්‍රණය කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන් මන්ත්‍රීවරයෙකු එම ජාතික කොඩියට ගරු නොකළහොත් එය බරපතළ වරදක් බවයි.
''අධ්‍යාපන ඇමතිවරයෙකු වූ විට රටේ දරුවන්ට ආදර්ශයක් දෙන කෙනෙක් විය යුතුයි. ජාතික කොඩියට, ජාතික ගීයට ගරුකරන්න බැරිනම් අධ්‍යාපන ඇමති ධුරය හෝ පළාත් සභාවේ මන්ත්‍රී ධුරය දරන්නවත් ඔහු සුදුසු නැහැ'' යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.