ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලු විලවුන් වර්ග නියාමනය පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනිදා සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ආරම්භ කර තිබේ.
එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා අවධාරණය කරයි.
එලෙස අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරන ආයතන පරීක්ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බවද ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කරයි.