ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම ගැටලුවක් නොමැති බවත් එය කිසි විටෙක අනතුරට ලක්ව නොමැති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ. ඩබ්ලිව්.ජේ.සී. ද සිල්වා මහතා පැවසීය.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු සෑම ඉදිරි පියවරක්ම අවශ්‍ය සෑම අවස්ථාවකම ගන්නා බවත් එල්.ටී.ටී.ඊයට යළි හිස එසවීමටද කිසිඳු හැකියාවක් නොමැති බවත් යුද හමුදාපතිවරයා පැවසුයේ මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේය.
ඡායාරූප - යුදහමුදා මාධ්‍ය අංශය