නාසා ආයතනය මගින් අභ්‍යවකාශයේ තොරතුරු ලබාගැනීම සහ පරීක්ෂණ කටයුතු සඳහා අභ්‍යවකාශයේ කක්ෂගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඊයේ (22දා) පස්වරු 6.25ට ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කෙරිණි.
ශ්‍රීපාද කඳුවැටියට ඉහළින් ගමන් කළ එම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අධික වේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරන ආකාරය අප කැමරා කාචයේ සටහන් විය.
විනාඩි 05ක පමණ කාලයක් ඉහළ අහසේ දිස්වූ මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රටවල් කිහිපයක ගගනගාමීන්, විද්‍යාඥයන් සහ කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් රැඳී සිටින බව පැවසේ.