පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ශ්‍රවණය කළ හැකි විකාශන යන්ත්‍රයක් (සංගෘහිත චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්) බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ අනුශාසනා පරිදි නිපදවා තිබේ.
'විශ්ව බලධර්ම සංගෘහිත චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ' ලෙස නම් කර ඇති මෙම යන්ත්‍ර 550 ක් පූජා කිරීමේ ජාතික උලෙළ මැයි මස 10 වැනි දින පස්වරු 5.05 ට දිවයින පුරා විහාරස්ථාන 550 කදී ආරම්භ වේ.