ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් බුෂ් නිවසේදී ඇද වැටී බෙල්ලේ අස්ථියක් බිඳීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා පවසා සිටියේ ඔහුගේ තත්ත්වය බරපතල නැතත්, කෙටි කලක් රෝහල්ගතව සිටිය යුතු බවයි.
ඔහු ඇමෙරිකාව මීට පෙර පාලනය කළ ජෝර්ජු ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේද පියා වන අතර, අනතුරට පත්වන විට පාකින්සන් රෝගයෙන් පෙළෙමින් සිටි බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා පසුගිය වසරේ සිය 90 වැනි උපන්දිනය සැමරුවේ ගුවන් කරණමක්ද සිදුකරමිනි.
එනමුදු, පසුගිය වසර අවසානයේදී ශ්වසන ආබාධයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබුණි.