ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සටන් වැදිය හැකි කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තුවට යැවීම මහජනතාව සතු යුතුකමක් බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
වර්තමාන රටේ ප්රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වී නිර්මාණයකරන කරන ලද මජරි ,අසික්කිත දේශපාලන සංස්කෘතිය ඉවත් කොට නව දේශපාලන වැඩපිළිවෙලකට යොමු විය යුතු බවත්, එම පක්ෂයේ පොලොන්නරුව දිස්ත්රික් කණ්ඩායම් නායක ටි.බි සරත් මහතා පැවසීය.
2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්රික්කයට ජනතා විමුක්ති පෙරමුණේ නාමයෝජනා බාර දීම සඳහා අද (10 දා) පොලොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය.
පොලොන්නරුව දිස්ත්රික් තේරීම් භාර නිලධාරී එස්. සේනානායක මහතා වෙත නාම යෝජනා බාර දුන්නේය.