ජවිපෙ හා ටෙලෝ කරනවානම් කොටි සමරන්න බැරි ඇයි
යුද්ධයෙන් මියගිය කොටි ත්රස්තවාදීන් සැමරීමට සියලු දෙනා එක්විය යුතු බවත් ජේ.වී.පී , ටෙලෝ සහ වෙනත් සංවිධානවලට මියගිය සාමාජිකයන් සැමරීමට අයිතියක් ඇත්නම් දෙමළ ජනතාවටත් අයිතියක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
යාපනය මාධ්‍ය සමාජයේදී ඊයේ (21දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "සියලුදෙනා එක්ව මියගිය පනස් දහසකට අධික එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් (මහවිරුවන්) හා ලක්ෂයකට අධික සාමාන්‍ය වැසියන් සිහිකොට (27දා) සැමරීම් සිදු කළ යුතුයි. ලංකාවට නිදහස ලැබුණු දවසේ සිට දෙමළ ජනතාවට සාමකාමීව ගිවිසුම් මගින් විසඳුමක් නොලැබුණු නිසා තමයි දෙමළ තරුණයන් ආයුධ අතට ගත්තේ. එහෙම ආයුධ අරගෙන විශාල පිරිසක් මියගියා.
එහෙම මියගිය අයගෙන් මුලින්ම මියගියේ 1982 නොවැම්බර් මාසයේ (27දා) සත්‍යනාදන් ශංකර් නැමති සාමාජිකයාගේ ජීවිතය අහිමිවීමෙන්. ඒ දිනය කොටි සංවිධානය දිගටම සැමරුවා. කොටි සංවිධානයෙන් පසුව ටෙලෝ සංවිධානය නායකයන් බවට පත්වූ තංගතුරෙයි කුට්ටිමනී වැනි පුද්ගලයන් ඝාතනය කරනු ලැබුවා. ඒ විදිහට හීරෝස් සංවිධානයත් පටන් ගත්තා. පසුව 2009 න් පසුව ආයුධ සන්නද්ධ සියලුම සංවිධාන අවසන් වුණා. දැන් කොටි සංවිධානයක් නැහැ. නමුත් ඒ සංවිධානවලට ගිහින් මියගිය අය වෙනුවෙන් ඒ අයගේ ඥාතීන්ට සමරන්න අයිතියක් තියනවා” යැයිද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


