මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මනාප අංකයක් හිමි වුවද, එම අංකය උපයෝගී කරගෙන තනි තනි අපේක්ෂකයා ප්රවර්ධනය කිරීමට කටයුතු නොකර පක්ෂයට ඡන්ද ලබා ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ලැබෙන අංකය උපයෝගී කරගෙන කණ්ඩායම් සාමාජිකයන් හඳුන්වාදීමට කටයුතු කරන බවත්, සමස්ත දිස්ත්රික් කණ්ඩායම් එකතු වී පක්ෂයට ඡන්දය ලබාගැනීමට කටයුතු කරන බවත් එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
මැතිවරණ ප්රචාරක කාර්යාල ඉදිකිරිමේදී මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයට කාර්යාල ඉදිනොකරන බවත්, පෙර මැතිවරණවලදී සේම මැතිවරණ නීතියට අනුව කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.