ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රතිපත්ති පාවාදී එක්සත් ජාතික පක්ෂයෙන් රුපියල් ලක්ෂ 25 – 100 අතර, මුදල් ලබාගෙන ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
රතු තොප්පි දාගෙන ව්‍යාජ වමක් පෙන්වන එම පක්ෂයට එජාපයෙන් වැරදි විවේචනය කිරීමට නොහැකිවී ඇත්තේ එසේ මුදල් ලබාගෙන තිබෙන නිසා යැයි ජයගොඩ මහතා සඳහන් කළේය.
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍ර‘යේ දී අද (09දා) සවස පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එජාපයෙන් මුදල් ලබාගෙන සිටින නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මුනිවත රකින බවයි.