ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයන් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
කොළඹදී අද (06දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උපුල් ශාන්ත සන්නස්ගල මහතා කැඳවා තිබූ නීතීඥ හමුවක් සම්බන්ධීකරණය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතීඥ උපුල් කුමාරපෙරුම මහතා බවයි.
එසේම විජේදාස රාජපක්ෂ මහතාගේ රැස්වීම්වලට කථිකයෙක් විදියට සරත් මායාදුන්නේ මහතා කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.