ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු දිවි පිදූවන් ස්මරණය කරන ඉල්මහ විරු සමරුව හෙට (13දා) විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.
28 වන වරට පැවැත්වෙන ඉල් මහා විරු සමරුව හෙට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ හා ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ. මෙහිදී විරු ගී ප්රසංගයක් පැවැත්වීමටත් පක්ෂය සැලසුම් කර තිබේ.