ප්රමාණවත් ලෙස වැසි ඇදහැලීම හේතුවෙන් ප්රධාන ජලාශ බොහෝමයක ජල මට්ටම මේ වන විට ඉහලයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය පැවසුවාය. ප්රධාන ජලාශ 72 හිම ජල මට්ටම 80% වඩා ඉහල ගොස් තිබෙන බවද ජලාශවල ජල මට්ටම ඉහලයාම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධානයෙන් පසුවන බවද මීගස්තැන්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය