මධ්‍යම කඳුකරයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය අද (03) දහවල් සිට වාන්දැමීමට පටන්ගෙන ඇති අතර ජල මට්ටම පහළ බැස තිබූ කාසල්රි හා මඋස්සාකැලේ ජලාශවල ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.
මේ අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර ජලාශ වාන් දැමීමත් සමඟ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.