වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා නම් ඒ පිළිබඳව 117 දුරකථන අංකයට දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
ජලය බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත්, යම් අතපසුවීමක් සිදුව තිබේ නම්, ඒ පිළිබඳ මෙම දුරකථන අංකයට දැනුම් දිය හැකි බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, කිළිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, යාපනය, රත්නපුර, බදුල්ල, මාතලේ, නුවර, හම්බන්තොට යන ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටිති.