ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන්ට ප්රසාද දීමනා ලබාදීමේදී නියමිත මුදල ලබානොදීමට එරෙහිව අනිද්දා (26දා) සිට 28 වැනි දින දහවල් 12.00 දක්වා සියලුම නඩත්තු කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් දියත් කරන බව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.
මේ අනුව මෙම කාලය තුළ සිදුවන කිසිදු බිඳවැටීමක් හෝ නඩත්තු කටයුත්තක් සිදුනොකරන බවද එම සංගමයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේය.