පාංශු ඛාදනයේ ප්‍රතිඵලයක් ලෙස ජල මූලාශ්‍ර වැසීයාමත්, ඛාදනය වන පස් ජලාශවල පතුළට එක්වීමත් නිසා ජල ධාරිතාව අඩුව තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පාංශු ඛාදනය වැළැක්වීමට නිසි පියවර නොගතහොත්, එය ලෝකයේ ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑමක් අනාගතයේදී එල්ල කරන බවත් අමාත්‍යවරයා කීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ‘පාංශු ඛාදනය අවම කිරීම සඳහා පාංශු සංරක්ෂණ ක්‍රියාදාමයන් යොදාගැනීම සහ න්‍යෂ්ටික ක්රමවේදයන්ගේ කාර්යභාරය’ යන්නෙන් ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.