ජල මූලාශ්‍ර 73 ජල මට්ටම සියයට 15 ක් දක්වා පහත වැටිලා
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජල මූලාශ්‍ර 73 ජල මට්ටම පොදුවේ 15% ක් දක්වා පහත වැටී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලපාලන අංශය සඳහන් කරයි.
මෙම ජලමූලාශ්ර 73 න් උපරිම ජල ප්‍රතිශතයක් පවතින්නේ සේනානායක සමුද්‍රයේ බවත්, එහි ජල මට්ටම 28%ක් බවත් එම අංශයේ අධ්යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා සඳහන් කළේය.
අඩුම ජල මට්ටම් වාර්තා වන්නේ පුත්තලම, මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්කවල පිහිටි වැව් හා ජලාශවල බවත්, පොදුවේ එම ජල මූලාශ්රවල ජල මට්ටම 4% ක් දක්වා අඩු වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
වැව්, ජලාශ සහ සමුද්‍රවල ජල මට්ටම පහළ යාම නිසා ළිංවල හා භූගත ජල මට්ටමද පහත වැටී තිබෙන බවද, පසුගිය කන්න දෙක තුන තුළ සැලකිය යුතු ලෙස වර්ෂාපතනය නොලැබීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද කී ඒ මහතා, පොදුවේ ජල මූලාශ්රවල ජල මට්ටම 30% - 35% ක් අතර අගයක් ගන්නා තුරු වගාවන්වලට අලුතින් ජලය නිකුත් කිරීමක් සිදු නොවන බවද පවසා සිටියේය.
එහෙත් දැනට සිදු කර තිබෙන වගාවන් සඳහා පාලනයකින් යුතුව ජලය නිකුත් කිරීම සිදුවන බවද අධ්යක්ෂවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

