අයහපත් කාලගුණය හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති ප්‍රධාන ගංඟා සියල්ලේම ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද (26දා) පෙ.ව. 6.30ට නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.
කැළණි ගඟ -සෑම ස්ථානයකම ජල මට්ටම පහළට
කළු ගඟ- මිල්ලකන්ද හා පුතුපවුල ප්‍රදේශයන්හි ගං වතුර තත්ත්වයක් පැවැතියත් සෑම ස්ථානයකම ජල මට්ටම පහළ
ගිං ගඟ - සෑම ස්ථානයකම ජල මට්ටම පහළට
නිල්වලා ගඟ - සෑම ස්ථානයකම ජල ම්ටම පහළට
මහ ඔය - බඩල්ගම ගංවතුර තත්ත්වයක් ඇතැත් සෑම ස්ථානයකම ජල මට්ටම පහළට
අත්තනගලු ඔය - ගං වතුර තත්ත්වයක් ඇතැත් ජල මට්ටම පහළට