ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවක් ඇති වී තිබෙනවා නම්, ඒ පිළිබඳව 117 දුරකථන අංකය මගින් දැනුම් දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පානීය ජල ගැටලුව විසඳීම සඳහා බවුසර් මගින් ජලය ලබාදීම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ දිස්ත්‍රික්ක කාර්යාල මගින් සිදුකරන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.