ජල පිරිපහදුව සඳහා විශාල මුදලක් වැය වූවත් ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අඩුබව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි.
ජල ගාස්තු සංශෝධනය කිරීමක් තම අමාත්‍යාංශය විසින් සිදුනොකරන බවත්, එවැනි කටයුත්තක් සිදුවනවානම් සිදුවන්නේ මුදල් අමාත්‍යාංශයෙන් බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසා සිටියේය.
මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය එවැනි තීරණයක් ගනීවිද යන්න කිව නොහැකි බවත්, පොදුවේ ජලගාස්තුව ඉහළ දැමීමට ආණ්ඩුව අකමැති බවත් හෙතෙම සඳහන් කළේය.
පානීය ජලය ලීටර් 1000ක් සකස් කිරීම සඳහා රුපියල් 48ක මුදලක් වැයවන බවත්, එහෙත් ජනතාවට ජලය ලීටර් 1000ක් ලබාදෙන්නේ රුපියල් 12ක මුදලකට බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.