දැවැන්ත ජයග්‍රහණයක් සමග ඉන්දීය ලෝක සභාවේ තුන්වැනි බලවේගය බවට පත්වීමට ජයලලිතාගේ නායකත්වෙයන් යුතු තමිල්නාඩුවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය සමත්ව ඇත.
ඒ අනුව, මෙවර මහ මැතිවරණයේදී තමිල්නාඩුවේ ආසන් 39 න් ආසන 37ක්ම ජයලලිතාගේ පක්ෂය ජයග්‍රහණය කර ඇත.
කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුතු බී.ජේ.පී.ය මැතිවරණයේදී දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන ඇති නිසා ජයලලිතාගේ පක්ෂය තමිල්නාඩුවෙන් විශිෂ්ට ජයක් ලබමින් බී.ජේ.පීය සමග සන්ධානයකට ගියද ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය මෙවර මැතිවරණයේ තීරණාත්මක බලවේගයක් නොවීමද විශේෂත්වයකි.
සිය පක්ෂයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන තමිල්නඩු මහ ඇමතිනී ජයලලිතා පවසන්නේ තම දෑත් ශක්තිමත් කරන ලෙස තමිල්නාඩු ජනතාවට කළ එල්ලීම කිසිම ආකාරයකින් ආත්මාර්ථකාමී ඉල්ලීමක් නොවන බවත්, එය ප්‍රාන්තයේ ජනතාවගේ අයිතීන් දිනාදීම වෙනුවෙන් කළ ඉල්ලීමක් පමණක් බවත් පෙන්වා දෙයි. මේ ජයග්‍රහණය දැවැන්ත මෙන්ම අද්විතීය ජයග්‍රහණයක් බවත් ඇය කියයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා විරෝධී න්‍යායපත්‍රයක් අනුගමනය කළ වයිකෝ මෙන්ම, විජෙයිකාන්ත් මෙවර මැතිවරණයෙන් දැවැන්ත පරාජයක් ලබා තිබීමද විශේෂත්වයකි.