ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් නිදහස් කිරීම සඳහා ඉන්දිය අග්‍රාමාත්‍ය මං මෝහන් සිං මහතාගේ මැදිහත්වීමක් අවශ්‍ය බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සඳහන් කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාට ලිපියක් මගින් ජයලලිතා දැනුම් දෙමින් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ධීවරයින් 153 දෙනා එළඹෙන 13 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති සාකච්ඡාවලට ප්‍රථමයෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.