අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනාවට වසර 7ක සිර දඬුවම් හිමිවී ඇප මත නිදහස ලැබූ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් අද සිය නිවෙස බලා ගමන් කළාය.
කෙසේ වෙතත්, ඇය නිදහස් කරන අවස්ථාවේදී බැංගලෝරයේ දැඩි ආරක්ෂක විධිවිධාන දක්නට ලැබුණු අතර, බන්ධනාගාරය අවට කිලෝමීටර් කිහිපයක් ජනතාව එක්රැස්වීම වැළැක්වීම සඳහා පොලීසිය විසින් අධිකරණ ක්රියාමාර්ගයක්ද ගෙන තිබුණි.
මේ අතර, ගුවන් තොටුපළේ සිට නිවස බලා ගමන් කිරීමේදී ඇය ගමන් කළ රථ පෙළටද විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබුණු අතර, ජයලලිතාට සහාය පළ කිරීමට මග දෙපස ඇගේ ආධාරකරුවන් පෙළ ගැසී සිටි බවද වාර්තා වෙයි.