සාමකාමී හා නීත්‍යනුකූල මැතිවරණයක් පැවති බවත්, මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබෙයි කියා විශ්වාස කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ 2015 ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව 'අද'ට අදහස් දක්වමිනි.
"මෙවර මැතිවරණයේදී ඡන්දදායකයන් ඉතාම උනන්දුවක් උදය වරුවේ දක්වා තිබුණා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජනතාව විශාල උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කළා. ඒ වගේම, ඉතාම සාමකාමී මැතිවරණයක් අප දුටුවා. ඉතාම නීත්‍යනුකූල ආකාරයට ඒ කටයුතු සිදුවුණා. ඒ අනුව, ජයග්‍රහණය ලැබෙයි කියා අපි විශ්වාස කරනවා.
සමස්තයක් ලෙස යාපනයේ 60% ක පමණ ඡන්ද ප්‍රමාණයක් වැටෙන්න ඇති. කෙසේ නමුත්, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වව්නියාව යන ප්‍රදේශවල ඡන්ද පාවිච්චියේ ඉහළ ප්‍රතිශතයක් පෙනෙනවා.
ගම්පහ ප්‍රතිශතයේ අඩුවීමක් නැහැ. මේ වනවිට 74% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ගැන තොරතුරු අපට ලැබී තිබෙනවා. නමුත්, හම්බන්තොට නැහැ, ගම්පහ නැහැ කියමින් බොරු ප්‍රචාර නම් යනවා. ඒවා සාමාන්‍ය දේවල්. ඡන්දෙන් පස්සෙත් ඒ බොරු ප්‍රචාර තවම අවසන් වී නැහැ. තවමත් බොරු ප්‍රචාර යනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.