ශි‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නියාමකවරයෙකුට පහර දී, මුර කුටියට අලාභ හානි කිරීමේ චෝදනා යටතේ එම විශ්වවිද්‍යාලයේ සිසුන් 14 දෙනෙකු අද (31දා) අත්අඩංගුවට ගත්බව පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය පෙබරවාරි මස 24 වැනිදා විශ්වවිද්‍යාලයේ සිසුන් හා ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති වූ අතර, එයට සම්බන්ධ බවට සැකපිට මෙම සිසුන් 14 දෙනා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සියලු දෙනා ශාස්ත්‍ර පීඨයේ 02 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුහු වෙති.