ජපානයේ ෆුකුෂිමා පළාත ආසන්න මුහුදේ ඇති වූ රික්ටර් පරිමාණ 7.3ක ප්‍රබල භූ කම්පනයෙන් පසුව, තවත් ප්‍රබල පසුකම්පන කිහිපයක්ම ඇති වී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රධාන භූ කම්පනයෙන් පසුව මීටරයක පමණ උසකින් යුතු සුනාමි රළක්ද එම වෙරළ තීරයට බලපා තිබුණි. කෙසේ වෙතත්, මුලින් අනතුරු ඇඟවීම් කළ පරිදි මීටර් 3ක පමණ උසට උදම් රළ පැමිණීමක් සිදුනොවූ අතර, දෙවැනි වර පැමිණි උදම් රළ සැලකිය යුතු මට්ටමේ ඒවා නොවීය.
මේ අතර, භූ කම්පනය හේතුවෙන් ෆුකුෂිමා බලාගාරයේ තෙවැනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ සිසිලන පද්ධතියේ බිඳ වැටීමක් වාර්තා වුවත්, විනාඩි 90ක කාලයකින් නැවත එය පිළිසකර කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
න්‍යෂ්ටික ඉන්ධන සිසිල් කිරීම සඳහා සමස්ත පද්ධතිය තුළට ජලය ගෙනයෑමේ පොම්පයක් කැඩීයාම නිසා මේ ආකාරයෙන් තෙවැනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ සිසිලන පද්ධතිය අක්‍රීය වී තිබූ බව කියැවෙයි.
මෙම තත්ත්වය හැරුණු විට බලාගාරයට භෞතික හානි කිසිවක් භූ කම්පනයෙන් හෝ සුනාමි තත්ත්වයෙන් සිදුව නොතිබූ බවද ජපාන බලධාරීහු පවසති.