ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම සඳහා ජපන් රජය විසින් ශ්‍රිලංකාව වෙත අංක 501 දරන වෙරළාරක්ෂක නවීන මුර යාත්‍රාවක් පරිත්‍යාග කර තිබේ. ජපන් රජයේ විශේෂ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් යාත්‍රාව නිල වශයෙන් බාරගෙන ඊයේ (06දා) දියඹට මුදා හැරියේය.
ජපානයේ ටෝකියෝ නුවර සුමීදිගාවා නැව් තටාංගණයේදී නවීන මුරයාත්රාව නිපදවා ඇත. මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජපන් රජය දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයන්ට හා වෙරළාරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමට ලබාදෙන දායකත්වය විශේෂ ඇගයීමට ලක්කළේය.
එසේම ජපානය විසින් තවත් තවත් මෙවැනිම යාත්‍රාවක් ඉදිරියේදී පරිත්‍යාග කිරීමට නියමිතය.