සුහද සංචාරයක් සඳහා අද (20දා) මෙරටට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකා ඉසුමෝ සහ සසනමි යන නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු වූ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව පළමු නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් යොෂිහිරෝ ගෝකා මහතා, ඉසුමෝ සහ සසනමි යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් යොෂිහිරෝ කයි මහතා හා කොමාණ්ඩර් හිරොටකා ඔකුමුරා මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා මුණ ගැසුණි.
එහිදී ඔවුන්, ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතාද සහභාගි විය.