ඉන්දියාවේදී ජපන් ජාතික ශිෂ්‍යාවක පැහැරගෙන ගොස් ඇය සමූහ දූෂණයකට ලක්කළ ඉන්දීය ජාතිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරටින් වාර්තා වෙයි.
මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදුකරන කල්කටා පොලීසිය පවසන්නේ නොවැම්බර් මස 23 වැනිදා සිට මාසයක පමණ කාලයක් ස්ථාන දෙකකදී වරින් වර මෙම ජපන් ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්කර ඇති බවයි.
සැලසුම්සගත ලෙස මෙම කණ්ඩායම මෙම ජපන් ශිෂ්‍යාව පැහැරගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සංචාරක මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කරන බවත්, අයෙකුට ජපන් බස හොඳින් හැසිරවිය හැකි බවත්, ඒ ඔස්සේ මෙම ශිෂ්‍යාවට නවාතැන් පහසුකම් සලසන මුවාවෙන් ඇය පැහැරගෙන ඇති බවත් කියයි.
මුලින්ම දිගා ප්‍රදේශයට රැගෙන ගොස් ඇති ඇයව දූෂණයට ලක්කළ ඔවුන්, පසුව බුද්ධගයා ප්‍රදේශයේදී සෙසු සමූහ දූෂකයන්ට ඇය භාරදී ඇති අතර, එහිදීද ඔවුන් අතින් වරින් වර ඇය දූෂණයට ලක්ව තිබේ. එමෙන්ම, ඇගේ බැංකු කාඩ්පත යොදාගෙන ඉන්දීය රු.76,000ක්ද ඔවුන් පැහැරගෙන ගොස් ඇත.
කෙසේ වෙතත්, අවසානයේ වර්නාසි වෙත පැමිණි ඇය ජපාන කොන්සල් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසු පොලිසි පරීක්ෂණ අරඹමින් අත්අඩංගුවට ගැනීම් සිදුව තිබේ.
ඉන්දියාව තුළ ස්ත්රීන්ට ආරක්ෂාවක් නොමැති බව යළිත් ප්‍රකට කරන සිදුවීමක් ලෙස එරට මාධ්‍ය මෙම අලුත්ම සිදුවීම හුවා දක්වයි.