ජපානයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජපාන - ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී අද (13දා) පවත්වා ඇත.
ජපානය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙද අවස්ථා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙම සමුළුව පවත්වා ඇත.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ජපාන පාර්ලිමේන්තු, ආර්ථීක, වෙළෙද හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.