ජපාන අගමැති පර්ල් හාබර් වෙත ඓතිහාසික සංචාරයක්
ජපනුන් විසින් වර්ෂ 1941 දී පහර දෙනු ලැබූ ඇමෙරිකානු පර්ල් හාබර් නාවික හමුදා කඳවුර වෙත වත්මන් ජපාන අගමැති ෂින්සෝ අබේ සංචාරයක් අරඹා තිබේ.
පර්ල් හාබර් වෙත පැමිණීමට පෙර ජපාන අග්‍රාමාත්‍යවරයා හවායි හි අනුස්මරණීය ස්ථාන කිහිපයකම සංචාරය කළ බවද විදෙස් වාර්තා පවසයි.
මෙම අවස්ථාවට ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාද සම්බන්ධ වීමට සූදානමින් සිටින අතර, එදා පර්ල් හාබර් ප්‍රහාරයෙන් පසුව දෙරටේ නායකයන් දෙපොළක් මෙම ස්ථානය වෙත පැමිණෙන ඓතිහාසික අවස්ථාව මෙය බවද කියැවෙයි.
මෙම අවස්ථාවට සම්බන්ධ වන ජපාන අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් සිය ශෝකය පළ කිරීමට බලාපොරොත්තු වුවත්, සිදුවීම සම්බන්ධයෙන් සමාව ගැනීමට බලාපොරොත්තු නොවන බවද ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
එදා ජපනුන් විසින් එල්ල කරන ලද පර්ල් හාබර් ප්‍රහාරයෙන් ඇමෙරිකානු හමුදා සෙබළු 2,300ක් ජීවිතක්ෂයට පත්වූ අතර, මෙම ප්‍රහාරය ඇමෙරිකාව දෙවැනි ලෝක යුද්ධය වෙත තල්ලු කළ සිදුවීමක් බවද සඳහන් විය.
මීට පෙර පසුගිය මැයි මාසයේදී ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ජපානයේ හිරෝෂිමා නගරය වෙත සංචාරයක නිරත වූයේ තවත් ඓතිහාසික සංචාරයක් ලෙසිනි.

.jpg)
.jpg)
වර්ෂ 1945 අගෝස්තු 06 වැනිදා ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය හිරෝෂිමා වෙත එල්ල වූ අතර, දෙවැනි බෝම්බය නාගසාකි වෙත එල්ල කෙරිණි. මෙම ප්‍රහාර දෙකින් හිරෝෂිමාවේ 140,000ක් සහ නාගසාකි 74,000ක් දෙනා ජීවිතක්ෂයට පත්වූහ.
මෙහිදී ද ඔබාමා මියගිය අය වෙනුවෙන් සිය ශෝකය පළ කළද, එම ප්‍රහාරය ගැන සමාව ගැනීමක් සිදු නොකළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

