ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට ජපන් රජයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ජපන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ජපන් රජයේ විශේෂ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග පැවැති විශේෂ සාකච්ඡාවේදීය.
එහිදී අදහස් පළ කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මහ මැතිවරණයෙන් බලයට පත්වූ ජපන් නව රජයට සුබ පැතුම් එක්කළ අතර, දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබාදෙන සහයෝගය පිළිබඳ ශ්‍රී ලංකාවේ විශේෂ ස්තුතිය පිරිනැමීය.
මෑත කාලයේ මෙරට සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ජපන් රජය ලබාදුන් පරිත්‍යාග හා දායකත්වයද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ඇගයීමට ලක්විය.