ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුතු නවීන ගිනි නිවීමේ රථයක් ඊයේ (21දා) පරිත්‍යාග කළේය.
ස්කයි ලැඩර් වර්ගයේ එම ගිනි නිවන රථය ජපාන දූත පිරිස විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගඟන් බුලත්සිංහල මහතා වෙත භාරදීම ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.
මීට පෙරද ශ්‍රී ලංකාව වෙත විවිධ අවස්ථාවලදී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් විවිධ උපකරණ පරිත්‍යාග කර ඇති අතර, ගුවන් හමුදාව වෙත පරිත්‍යාගයක් සිදුකළේ ප්‍රථම වතාවටය.
මෙම පරිත්‍යාගය අගය කිරීමක් ලෙස ජපන් නියෝජිත පිරිස සඳහා විශේෂිත වූ සංස්කෘතික වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.