පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය මුල් කර ගනිමින් දිවිනැගුම සංවර්ධන අරමුදලට අදාළ නොවන කටයුතු සඳහා, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 1862.42 ක මුදලක් විදම් කර තිබෙන බැවින් එම මුදල් නැවත ලබාගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් සමෘද්ධි පොදු කම්මරු සංගමය ඊයේ (21දා) විරෝධතාවක නිරත විය.
දිවිනැගුම දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවති මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ පසුගිය වසරේ නොම්බර් මාසයේ 21 වැනිදා සිට මැතිවරණය පැවැත්වූ කාලය තුළදී මෙම මුදල් වියදම් කර තිබෙන බවයි.
මේ අනුව ජනාධිපතිවරණය වෙනුවෙන් පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් සඳහා රුපියල් මිලියන 70 ක් හා ජනාධිපති ප්‍රථම මැතිවරණ ප්රචාරක රැස්වීම ලෙස දිවිනැගුම ජාතික සම්මේලනය පැවැත්වීමට රුපියල් මිලියන 70ක් ඇතුළුව මෙම මුදල් වියදම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ ආකාරයට නාස්තිකාර වියදම් සිදුකළ ලිපිලේඛන පවා වෙනස් කරමින් තිබෙන බැවින් වහාම එම කටයුත්ත නවතා දමා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මේ සඳහා වගකිව යුත්තන්ගෙන් එම මුදල් අයකර දෙන ලෙසද නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් උද්ඝෝෂණකරුවෝ ඉල්ලා සිටියහ.
ඉන්දික හේවාවිතාරණ / ශෙහාන් ගුණසේකර