ආණ්ඩුව ඉදිරියේදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මේ වනවිට සලකා බලමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා පැවැසීය.
“රාජපක්ෂ රෙජිමය හදිසි ජනාධිපතිවරණයක් රටට ගෙන ඒම සඳහා රහසිගත සැලසුම් ක්රියාත්මක කරනවා. දැන් එහෙනම් අපේ සැබැ ඉලක්කය වෙන්නේ මේ දකුණු පළාත් සභා මැතිවරණයේදී අපේ ශක්තිය රටට පෙන්වමින් ඉන් පසු එන ජනාධිපතිවරණයේදී එ.ජා.ප රජයක් පිහිටුවිමයි ” යැයි මංගල සමරවීර මහතා පැවැසීය.
එමෙන්ම ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයක් පෙළ ගස්වන බවද, මන්ත්රීවරයා පැවැසීය. ඔහු ඉහත අදහස් ප්රකාශ කළේ එ.ජා.ප මාතර දිස්ති්රක් ආසන බල මණ්ඩලය පිහිටුවිම සඳහා ඊයේ (19) මාතරදී පැවති ජනහමුවකදීය. මෙම අවස්ථාව සඳහා එ.ජා.පයේ ජාතික නායක රනිල් වික්රමසිංහ, නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය, පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, රවි කරුණානායක යන විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.