මාස 06ක කාලයක් ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ ජනාධිපති සම්මාන මුර රාජකාරි සිදු කළ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය එම රාජකාරි ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීමේ උත්සවය ගාලු මුවදොර ජනාධිපති මන්දිරය ඉදිරිපිට දී ඊයේ (01) සිදු කෙරිණි. පසුගිය අප්‍රේල් 01දා ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය මෙම රාජකාරි භාර ගත් අතර, මාස 06 කට පසු රාජකාරි කටයුතු නාවික හමුදාව වෙත මෙසේ භාරදෙනු ලැබිණි. ඒ සඳහා දෙපාර්ශවය අතර අදාළ ලියකියවිල සඳහා අත්සන් තැබුණු අතර, අභිනව රාජකාරි ඇරඹූ නාවික හමුදාව වෙත යුද හමුදා පොලිසියේ සුබ පැතුම් ද මෙහිදි පිරිනැමිය.