ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගත් අතර අටමස්ථානාධිපති හිමියන් ඇතුථ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජයනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. අනතුරුව රුවන්වැලි මහා සෑය වෙත ගිය ජනාධිපතිතුමා එහි පැවති ආගමික වතාවත් සදහාද සහභාගී විය. ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක්ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එකත්ව සිටියහ.