ජනතාව සුරා පානය කළත්, අද සුරාබදු ආදායම් බරපතළ ලෙස පහත වැටී ඇති බවත්, එම බදු මුදල් ගියේ කොතැනටදැයි සොයා බැලිය යුතුව ඇති බවත් හිටපු මුදල් ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසා සිටියේය.
ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියේ අද (04දා) පෙරවරුවේ, කොළඹ තොටළඟ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා,
"මම මුදල් ඇමැති කාලයේ රාජ්‍ය ආදායම 25%ත් 30%ත් අතර ප්‍රමාණයකින් වර්ධනය කළා. ඒ වර්ධනය දැන් පෙනෙන්නේ නැහැ. අද සූරා බදු ආදායම බරපතළ ලෙස පහත වැටිලා. මොකද ජනතාව සූරා පානය නොකර හිටියාද? මේ මුදල් ටික ගිහින් තියෙන්නෙ කොහෙටද? මේව ගැන තමා අපි හොයන්න ඕනෑ. අනවශ්‍ය ලෙස ආදායම අහිමි වුණොත් නැවත ජනතාව මත බදු පැටවීමක් වෙන්න පුළුවන්" යැයි පවසා සිටියේය.