2014 වසර ආරම්භ කරමින් ජනවාරි මාසයේදී උද්ධමනය 4.4% දක්වා තවදුරටත් පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2013 දෙසැම්බර් මාසයේ පැවති 4.7% සිට 2014 ජනවාරි මාසයේදී 4.4% දක්වා මෙසේ පහළ ගොස් තිබේ.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකයද 2013 දෙසැම්බර් මාසයේ වාර්තා කළ 6.9% සිට 2014 ජනවාරි මාසයේදී 6.5% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වාදෙයි.
ඒ අනුව, ව්‍යාපාරික හා ආයෝජක විශ්වසනීයත්වය වර්ධනය කරමින් 2013 ජනවාරි මාසයේ වාර්තා කළ 9.8% ට සාපේක්ෂව 2014 ජනවාරි මාසයේදී ලක්ෂ්යමය පදනම මත 4.4% දක්වා උද්ධමනය පහළ වැටී තිබේ.