දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් ජනවාරි 20 දායින් පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කලාපය හරහා පවතින සුළං ප්රවාහයේ වෙනසක් නිසා ඉදිරි දිනවලදී විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් වලට වැසි ඇතිවිය හැකි බවද අද පෙ.ව. 5.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වෙයි. එදින තෙක් දිවයිනේ බොහෝ පළාත්වලට තවදුරටත් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.