ජනවාරි 08 වැනිදා සිට අපේ‍්‍රල් 13 වැනිදා දක්වා නගර සංවර්ධන ව්‍යාපෘති 100ක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එමෙන්ම වත්මන් රජයට සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 40%ක් ඡන්ද බස්නාහිර පළාතින් ලබා ගත්තද නාගරික සංවර්ධනය සඳහා අඩුවෙන්ම මුදල් යොදවා ඇත්තේ බස්නාහිර පළාතට බවද ඔහු පැවසීය. එම තත්ත්වය ඉක්මනින්ම වෙනස් කළ යුතු බවත්, බස්නාහිර පළාතට නව සංවර්ධන ව්‍යාපෘති ගෙන ආයුතු බවත් කොළඹදී පැවැති විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේය.