ජනාධිපතිවරණ ජයග්‍රහණය සමරා අද සිට (09දා) තවත් දින 06 ක කාලයක් තුළ (15 දා) දින පෙලපාලි, පෙරහර උත්සව රැළි හෝ වෙනත් ආකාරයේ ජනයා රැස්වන උත්සව සංවිධානය තහනම් බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා 'අද' ට සඳහන් කළේ දිවයිනේ සියපු පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි. පොලිස් ජීප් රථ, මොබයිල් (ජංගම රථ), පොලිස් යතුරු පැදි වැටලීම් සඳහා යොදවා ඇතැයි ඒ මහතා සඳහන් කළේය.