රටේ ජනාධිපතිවරයෙක් පත්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය අවශ්‍ය බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (28දා) මාතරදී පැවැති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ඒ මහතා,
“2018දී අඟහරු ලෝකයට මිනිසෙක් ගිහින් 2100 ඒ මිනිසා ලංකාවට ආවොත් එජාපයේ නායකයා රනිල් මහත්තයාම තමයි. එතුමා සමග අපි වැඩ කරලා තියෙනවා. පෞද්ගලිකව එතුමාට කිසිම අපහාසයක් කරන්නෙ නැහැ. නමුත් පොළොවේ පය ගහලා ඉන්න නායකයෙක් එක්කයි මේ දේශපාලනය කරන්නේ. අපි 16 දෙනා ආණ්ඩුවෙන් එළියට යා යුතුයි කියලා තීරණය කළේ සැප්තැම්බර් මාසයේ. අද වෙනකොට අපේ කාර්යාවල සේවය කරපු 400කට පමණ රැකියා නැහැ, අපේ වාහන භාර දුන්නා, අපේ පිටිපසසෙන් ගියපු මිනිස්සුන්ට තව උදවුවක් කරන්න තියෙද්දිත් ඒක නැතිකරගෙන තනතුරුවලින් ඉවත් වුණේ මේ සටන ගෙනියන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයම කියනවනම් මේ ආණ්ඩුව එක්ක ඉඳලා වැඩක් නෑ කැමති තීන්දුවක් ගන්න කියලා ඇයි ආණ්ඩුවේ ඉන්න අනිත් අයට මේ තීන්දුව ගන්න බැරි.
අපි මේ සටන ආරම්භ කළේ කාටත් පිළිගත හැකි ප්රගතිශීලී ජනාධිපතිවරයෙකු බිහිකර ගැනීමටයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ගිය සතියේ හමුවුන වෙලාවේ එතමා කිවුවේ කේක් එකේ අයිසින් ටික තමයි මේ 16දෙනා කියලයි. ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්න තමුන්නාන්සේලා අවශ්‍යයයි කියලා ඒ මහතා පැවසුවා. මේ රටේ ජනාධිපතිවරයෙක් බිහිවෙන්න මහින්ද මහත්තයගේ ආශිර්වාදය අවශ්‍යයි. ඒ වගේම අපිට ලකුණු ගොඩක් තියෙනවා. ඒ සියල්ල තිබියදී ප්රගතිශීලී ලකුණක් එනවා. ඒ නිසා සියලුදෙනා එකතු කරගෙන අපේ ජනාධිපතිවරයෙක් පත්කරන සටන අපි ජයග්‍රහණය කරනවා. ’’ යැයි පැවසීය.