විපක්ෂ සාමාජිකයන්ට එල්ලවන ත්‍රස්තවාදය මඬින්න
විපක්ෂයේ ආධාරකරුවන් ඉලක්ක කරගනිමින් සිදුකරන පහරදීම් තුළින් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්රචණ්ඩත්වය වැපිරීමට ඇති සූදානම මේ වනවිට ප්‍රදර්ශනය වෙමින් තිබෙන බවත්, මේ නිසා විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙන ත්රස්ත්රවාදය මැඬපැවැත්වීමට කටයුතු කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.
තම දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලි නොගන්නා බවට ජනාධිපතිවරයා පුරසාරම් කතාකරද්දී ඔහුගේ ගෝලබාලයන් විපක්ෂයේ ක්‍රියාකාරීන්ට ශිෂ්ට සමාජය කිසි ලෙසකින් හෝ අනුමත නොකරන ප්‍රහාර එල්ල කරන බවද කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ එකක් බවට පත්කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී ඇති කාර්යභාරය අතිවිශාල එකක් නිසා මේ වනවිට පහරදීමේ සිද්ධීන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
එහෙත් ජනාකීර්ණ මග්ගොන නගරයේදී සිදු වූ ප්‍රහාරයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර සිටියද පොලීසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.