අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැතිවරණ දිනය කල්දැමීම පිළිබඳව මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
කෙසේ වෙතත් ලබන මස 03 වැනිදා පවත්වන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී සහ 04 වැනිදා පැවැත්වෙන සහකාර තේරීම්භාර නිලධාරීන්ගේ හමුවේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.