2015 ජනපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම පස්වරු 4.00ට අවසන්විය. ජන්ද මධ්‍යස්ථාවල සිට ප්‍රධාන ජන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භකර තිබේ.
ශ්‍රී ලංකාවේ හත්වැනි ජනපතිවරණය දැන් පෙ.ව. 7.00 ආරම්භවිය. ඡන්ද විමසීම ප.ව. 4.00 දක්වා පැවැත්විණ.
ඡනදය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් 15,044,490ක් සුදුසුකම් ලබා සිටියහ.
මෙවර ජනපතිවරණය සඳහා අපෙක්ෂකයන් 19 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.
මැතිවරණ දිස්ත්‍රික්ක 22ක පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,314ක ඡන්ද ප්‍රකාශ කිරිම සිදුවිය.
පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10.00ට පමණ නිකුත් කිරීමට නියමිතය.