ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 71,100 ක් අනුයුක්ත කරන බව පොලිසීය පවසයි.
කොළඹ පොලිස් මූලස්ථානයේදී අද (01දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පෙන්වාදුන්නේ, පොලිස් නිලධාරීන් 66,100 ක් සහ පොලිස් විශේෂකාර්ය බළකා නිලධාරීන් 5000 ක් අදාළ රාජකාරිවල යොදවන බවයි.