ජාත්‍යන්තර නිරීක්ෂකයන් ගෙන්වන ලෙස කැෆේ මැ.කොගෙන් ඉල්ලයි
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වී පැය 48 ක් තුළ ප්රචණ්ඩ ක්‍රියා 04 ක් වාර්තා වන බවත්, ඉන් තුනක් වෙඩිතැබීම් නිසා වහාම මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් ලංකාවට ගෙන්වන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන (කැෆේ) මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
සාමන්‍ය ක්‍රමවේදය අනුව ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ගෙන්වීමට යම් කාලයකට පෙර ඉල්ලීමක් කළයුතු වුවත්, ඒ සඳහා ඉල්ලීමක් කර නොතිබෙන නිසා ඔවුන් ක්ෂණිකවම ගෙන්වීමට හැකියාවක් නොමැති බැවින් ක්ෂණිකව ගෙන්වා ගතහැකි පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් වහාම මෙරටට ගෙන්වන ලෙසද එම සංවිධාන නියේජිතයෝ සඳහන් කරති.
තම සංවිධානය ඉදිරි දිනවලදී ජාත්‍යන්තර නිරීක්ෂකයන් 35 දෙනෙකු ගෙන්වීමට කටයුතු කරන බවත්, මේ අනුව තවත් ජාත්‍යන්තර නිරීක්ෂකයන් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට කටයුතු කළහොත් මැතිවරණ ප්රඩණ්ඩ ක්‍රියා අවම කරගත හැකි බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
ගෙවී ගිය පළාත් සභා මැතිවරණ කාලවලදී විශාල ප්රචණ්ඩ ක්‍රියා ප්‍රමාණයක් වාර්තා වූ බවත්, සමහර අවස්ථාවලදී පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පවා පහරදීම් සිදුවූ බවද පවසා සිටියේය.
මේ නිසා වහාම පොදුරාජ්‍ය මණ්ඩලීය නිරික්ෂකයන් ගෙන්වීමට කටයුතු කළයුතු බවත්, එසේ නොමැති වුවහොත් ඉදිරි මැතිවරණ සාධාරණව සිදුවෙතැයි සිතිය නොහැකි බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේය.