ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ ජනපතිවරණය එළැඹෙන වසරේ ජනවාරි මස 09දා පැවැත්වීමේ සූදානමකින් පසුවන බව ජනපතිගේ සමීපතමයෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ජනපතිවරයාගේ දෙවැනි ධුර කාලය 2016 වසරේ නොවැම්බර් මස අවසන්වීමට නියමිතව තිබුණත් ව්‍යවස්ථාව අනුව මේ වසරේ නොවැම්බර් 19න් පසුව නැවත ජනපතිවරණයක් කැඳවීමට මහින්ද රාජපක්ෂ ජනපතිට අවස්ථාව හිමිවෙයි.